Featured Post

How to create Bootable USB Using Ventoy

How to backup drivers using Command Prompt on Windows 10,11

 How to backup drivers using Command Prompt on Windows 10,11
ලේසියෙන්ම Windows Drivers Backup කරගන්නා ආකාරය 

ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි windows format කරලා නැවත clean Installation එකකට ගියාම Drivers හොයාගන්න එක.එහමත් නැත්නම් නැවත Drivers Download කරගන්න Data වැය කරන්න සිදුවෙන එක.මෙන්න එකට සරල වගේම ඉතා ප්‍රයෝජනවත් විසදුමක්.
Command Prompt එක භාවිතයෙන් Device Drives Backup කිරීම.මේ සඳහා පහත පියවර ටික අනුගමනය කරන්න.

01.පළමුව ඔබ කැමති Drive එකක (D: , E : , F : etc ) Drivers Backup ලෙස අළුත් folder එකක් සදා ගන්න (Ctrl + Shift + N).(C drive එකේ හදන්න එපා මොකද අපි එක format කරන්න නේ ඉන්නේ)



02.Command Prompt (CMD ) එක administrator ලෙස open කරගන්න.
03.පහත command එක type කර හෝ copy ,paste කර enter key එක press කරන්න.

DISM /online /export-driver /destination:D:\DriverBackup


මෙතැනදී මම මගේ folder එක හදල තියෙන්නේ D: Drive එකේ.ඒක  ඔයාට කැමති ඉඩ තියෙන partition එකක හදාගෙන අදාල drive letter එක හා folder name එක හරියට මෙම command එකට දෙන්න.

ඔබ ඉහත පියවර සම්පුර්ණ කල සැනින් DISM tool {Deployment Image Servicing and Management (DISM.exe)} එක විසින් C:\Windows\System32\DriverStore යන path එකේ ඇති Drivers  backup කිරීම ආරම්භ කරනු ඇත.



මෙහිදී DISM tool එක මගින් backup කරනු ලබන්නේ .inf drivers පමණි.exe හෝ msi ලෙස ඇති drivers මෙසේ backup කරනු නොලබයි.
දැන් බලමු windows fresh installation එකකට පසුව drivers restore කරගන්නා ආකාරය 

01.Command Prompt භාවිතයෙන් 

Command Prompt (CMD ) එක administrator ලෙස open කරගන්න.
පහත command එක type කර හෝ copy ,paste කර enter key එක press කරන්න.

DISM /online /Add-Driver /Driver:D:\DriverBackup /Recurse

මෙම command  එක run කල විගස ඔබ backup කල drivers සියල්ල නැවත ප්‍රතිස්ථාපනය (restore)වෙනු ඇත .
සමහර විට ඔබට ඉහත කේතය ක්‍රියාත්මක නොවීමට සහ පහත සඳහන් error message එකක් දිස්වීමට ඉඩ ඇත.

 error: 50 “This command can only be used with an Offline image.”  

එහෙම error message එකක් අවොත් ඔබට Device Manager භාවිතා කර drivers  ටික නැවත restore කරගත හැකිය.

02.Device Manager භාවිතයෙන් 
 
Search bar එකේ Device Manager search කර open කරගන්න.
Drivers install කිරීමට අවශ්‍ය device එක උඩ right click කර Update driver option එකට යන්න.


ඉන්පසු ලැබෙන window එකේ Browse my computer for driver software option එකට යන්න .ඉන්පසු ඔබ drivers backup කල folder එක select කරගන්න.



මතක ඇතුව Include subfolders option එක tick කරලා තියන්න.ඉන්පසු next button එක click කරන්න.දැන් drivers install වේවි.

පෙර පළවූ ලිපියට :BitLocker ගැන දැනගන්න

Comments