Featured Post

How to create Bootable USB Using Ventoy

Slide To Shut Down Windows 10,11

 Slide To Shut Down Windows 10,11

අද කියන්න යන්නේ windows 10 වල හා 11 වල තියෙන හැංගිච්ච දෙයක් ගැන.මේක ගොඩක් අය දන්නවත් ඇති නොදන්නවත් ඇති.Slide To Shut Down option එක ගැන තමයි අද කථාව.

Windows වල මේක තිබුනට Microsoft සමාගමෙනුත් මේ ගැන එච්චර කතා බහක් කරන්නේ නෑ.දැන් බලමු මේක කොහොමද ක්‍රියා කරවන්නේ කියල.

මුලින්ම ඔයාගේ පරිගණකයේ පහත ඇති path එකට යන්න 
C:\Windows\System32

ඉන්පසුව SlideToShutDown.exe file එක හොයාගන්න.ඕක double - click කලාම shutdown වැඩේ වෙයි.එත් ඉතිං හැමතිස්සෙම මේ path එකට ගිහින් ඕක double - click කරකර ඉන්න එක කරදරයි නේ.ඉතින් මෙහෙම කරගන්න.

1. SlideToShutDown.exe එක උඩ right  - click කරලා send to ගිහින් desktop එකට shortcut එකක් දාගන්න 

2.SlideToShutDown.exe එක උඩ right  - click කරලා pin to start click කරලා start menu එකට දාගන්න. Shortcut එක අවශ්‍ය පරිදි rename කරගන්න.



මේ exe එකට ලස්සන icon එකක්නම් නැහැ ඒක හින්ද ඔයාට කැමති icon එකක් තෝරාගෙන ඒක change කරගන්න පුළුවන්.

දැන් තාමත් double - click එක කරදරයි නම් desktop එකට හරි start menu එකට හරි දා ගත්තු SlideToShutDown.exe එක right  - click කරලා pin to taskbar දෙන්න එතකොට icon එක taskbar එකට එයි.දැන් බොහොම පහසුවෙන් ලස්සනට windows Shut Down කරගන්න පුළුවන්.


පෙර පළවූ ලිපියට :BitLocker Recovery Key හොයමු  

2021/10/28



Comments