Featured Post

How to create Bootable USB Using Ventoy

How to Retrieve BitLocker Recovery Key in Windows 10,11

 How to Retrieve BitLocker Recovery Key in Windows 10,11
BitLocker Recovery Key හොයමු 

BitLocker Recovery Keys වල ගැටළු ගැන අද බලමු.Recovery Keys ගබඩා කරගන්නා ආකාරය ගැන මුලින්ම බලමු.

1:ඔබගේ  Microsoft account එක තුල 
2: USB flash drive එකක save කිරීම 
3: .TXT file එකක් ලෙස computer එක තුල save කිරීම 
4: Print කර තබා ගැනීම.

01.ඔයාට තියෙන පලවෙනි option එක තමයි ඔයාගේ Microsoft Account එකට මෙම keys ටික save කරලා තියාගන්න පුළුවන්.එහෙම save කරගත්තු keys ටික ඔයාගේ Microsoft Account එකට log වෙලා පහත තියෙන link එකට ගියාම ඔයාට බලාගන්න පුළුවන් වෙයි.

02.දෙවැනි option එක තමයි USB flash drive එකක save කිරීම.මෙම option එකේදී ඔයාට flash drive එකක් ඕන කරනවා.මෙහිදී Recovery Keys ගබඩා වෙන්නේ ඔයාගේ flash drive එක තුල.මෙහිදී ඔයාට ඔයාගේ device එක unlock කරගැනීමට නම් lock වෙලා තියෙන device එකට pen drive එක connect කරලා ඊට පස්සේ ලැබෙන උපදෙස් අනුගමනය කිරීමෙන් ඔයාගේ  device  එක unlock කර ගැනීමට පුළුවන්. ඔයා pen drive එක තුල key එක save කලේ text file එකක් ලෙසට නම් එය බලා ගැනීමට වෙන computer එකක් භාවිතා කරන්න.

03.තුන්වෙනි  option එක තමයි.TXT file එකක් ලෙස computer එක තුල save කිරීම.මෙහිදී ඔයාට Recovery Keys ටික text file එකක් ලෙස ඔබගේ පරිගණකයේ save කරගැනීමට පුළුවන්.මෙම save කරගන්න file එක ඔබ කිසිසේත් delete නොකළ යුතුය.ඔබට මෙම file එක BitLocker On කර ඇති hard disk partition එකක save කිරීමට නොහැක.මෙම save කරගන්න text file එක තව තැන දෙක තුනක backup කරගන්න පුළුවන් නම් වඩාත් ආරක්ෂා කාරී වනු ඇත.

04.හතරවෙනි option එක තමයි මෙම keys ටිකේ print out එකක් ලබා ගැනීම.මෙහිදී ඔබට keys ටික print කර භෞතිකව තබා ගැනීමට හැකි වීම වාසියකි.අවශ්‍ය නම් print option එකට ගොස් PDF එකක් ලෙසද මෙය පරිගණකයෙහි save කර ගත හැකිය.

ඉහත ක්‍රම හතරෙන් ඔයාට BitLocker Recovery Keys save කර ගැනීමට පුළුවන් .අවශ්‍ය නම් ඉහත ක්‍රම හතරටම ඔයාට keys ටික save කර තබා ගන්න.BitLocker Recovery Keys අවශ්‍ය මොහොතකදී ඉහත එක් ක්‍රමයකින් keys ලබාගෙන device එක unlock කරගන්න.
How to Decrypt a Drive Before Restoring
Windows Restore කිරීමට පෙර BitLocker Off කරමු

මීට පෙර ලිපියකින් අපි පැහැදිලි කළා BitLocker On කරගන්නා ආකාරය ගැන.දැන් බලමු BitLocker Off කරගන්නේ කොහොමද කියලා. 

01.search panel එකේ  "BitLocker"  කියලා type කරන්න ඊට පස්සේ  "Manage BitLocker"  කියන එක උඩ click කරන්න.

02.පහල තියෙන image එකේ වගේ ඔයාටත් screen එකක් ලැබෙයි.එකේ "Turn off BitLocker"  click කරන්න

03."Turn off BitLocker" click කල පසු නැවතත් පහත image එක වගේ window එකක් ඔයාට ලැබෙයි.එකේ Turn off BitLocker Button එක click කරන්න.

04."Turn off BitLocker" click කල පසු පහත ආකාරයට ඔයාගේ screen එකේ පෙන්නුම් කරයි.

05.Decryption ක්‍රියාවලිය අවසන් වන තුරු ඔබට බලා සිටින්න සිදුවේවි.Decryption ක්‍රියාවලියේ ප්‍රගතිය බලා ගැනීමට notification එක click කරන්න.එවිට පහත ආකාරයට දිස් වේවි.

06.Decryption ක්‍රියාවලිය අවසන් වූ පසු පහත ආකාරයට ඔබට දැනුම් දීමක් සිදුවනු ඇත.

ඔබ system restore කරනවානම් BitLocker Off කරලා එය කිරීමට යොමුවෙන්න.මොකද හදිස්සියෙවත් ඔයාට keys ටික හොයාගන්න බැරිඋනොත් ඔයාට අමාරුවේ වැටෙන්න තමයි වෙන්නේ.

2021/10/25


Comments