Featured Post
- Get link
- X
- Other Apps

මේ වසරේ පැවැත්වූ Facebook සමාගමේ වාර්ෂික සමුළුවේදී විශේෂ වෙනස්කම් කිහිපයක් ඔවුන්ගේ Instagram,Whatsapp සහ Massenger කියන සේවාවන් සඳහා හඳුන්වාදුන්නා. එහිදී Instagram හී “Likes Count” එක දර්ශනය වීම නවතා දැමීමට කටයුතු කරන බව Facebook සමාගම පවසා සිටියා. තවද ඔවුන් එය යම් යම් රටවලදී පරික්ෂා කර තිබු අතර එය ද සාර්ථක බව ඔවුන් පවසා සිටියා. කෙසේ වෙතත් Facebook සඳහාත් මෙය සිදුකිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් එහි පරීක්ෂණ කටයුතු නුදුරේදීම ආරම්භ කිරීමටත් ඔවුන් සුදානමින් සිටිනවා.
App Researcher කෙනෙකු වන “Jane Manchun Wong” විසින් මේ පිළිබඳව Twitter ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
2019/10/24 GSMGeek
Comments
Post a Comment