Featured Post

How to create Bootable USB Using Ventoy

Most Install App on Play Store : Microsoft සමාගමේ Phone Companion App වැඩියෙන්ම Install කර ඇති Free App එක බවට පත් වේ.

Microsoft සමාගමට ඉතාමත් හොඳ කාලයක් වුණා Android හා සම්බන්ධවී වැඩ කිරීම.Microsoft Word හා  One Drive අනුවම යමින් Microsoft Excel ද install බිලියන 1 සිමාව පසුකරන ලද බව මෑතකදී වාර්තා වුනි.Microsoft සමාගම වසර ගණනාවක් තිස්සේ Android හි බොහෝ පැති ඔස්සේ තම අනසක පතුරවන අතර මෙම Apps install කර ඇති ප්‍රමාණ වලින් එය මනාව පැහැදිළි වේ.මෑතකදී Microsoft සමාගම Your Phone Companion App එක Google Play Store වෙත නිකුත් කරන ලදී.නමට අනුවම එය ඔබගේ Android device එක හා Windows 10 සමඟ ඉතා පහසුවෙන් සම්බන්ධ කිරීමට හැකි අතර තවත් විශේෂාංග රැසකට ප්‍රවේශ වීමට ඉඩ සලසයි.අද, හවුල්කාර අධ්‍යක්ෂ Vishnu Nath මහතා tweeter පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ Facebook Messenger, TikTok,WhatsApp පරාජය කරමින් Android හි නොමිලේ ලබා දෙන වැඩසටහන් අතර වැඩියෙන්ම install කර ඇති App එක Your Phone Companion App එක බවයි.


Your Phone Companion App එක කොපමණ ගණනක් install කර ඇති දැයි කියා තවම නිල වශයෙන් ප්‍රකාශ කර නැති නමුත් එම ගණන ඉතා විශාල අගයක් විය හැකිය.ඉදිරියේදී නිල සංඛ්‍යා අනාවරණය වූ අපි ඔබව දැනුවත් කරන්නම්.


Microsoft සමාගම පරිශීලකයින්ට අවශ්‍ය දේ ලබා දීම සඳහා ඉතා ඕනෑකමින් කටයුතු කරන අතර වැඩියෙන්ම install කර ඇති App ලයිස්තුවේ ඔවුන්ගේ Apps තිබීමෙන් මේ බව ඉතා පැහැදිළි වේ.ඔබගේ  Android දුරකථනය Windows 10 සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව වැදගත් අංගයක් වන අතර එය ඔබගේ කාර්යයන් බොහොමයක් ඉතා පහසු කරයි.ඔබ ඔබගේ දුරකථනට Your Phone Companion App එක Download  කර තිබේද? ඔබ එය භාවිතා කරනවාද? ඔබගේ අදහස් අපට දන්වන්න.

GSMGeek 2019/10/27

Comments