Featured Post

How to create Bootable USB Using Ventoy

Microsoft confirms Cortana is going away on Android and iOS in certain markets | ලබන ජනවාරි 31 පසු Cortana App එක නතර කරයි.

Microsoft confirms Cortana is going away on Android and iOS in certain markets
ලබන ජනවාරි 31 පසු Cortana App එක නතර කරයි.

-----------------------------------------------------------------------
අපි ඔබට නොවැම්බර් 06 වන දින කියා සිටියේ Microsoft  සමාගම සිය Cortana app එක හෝ Microsoft Launcher තුල ඇති Cortana ඉන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවයි.අද ඒගැන වැඩිදුර තොරතුරු ටිකක් සොයා බලමු.
Microsoft සමාගම නොවැම්බර් 15  වන දින නිවේදනය කර ඇත්තේ iOS සහ Android සඳහා ඇති Cortana app එක සහ Microsoft Launcher තුල ඇති Cortana ලබන වසරේ මුලදී ඇතැම් වෙළඳපොලවල් වලින් ඉවත් කරන බවයි.Android සහ iOS වල Cortana යෙදුම ජනවාරි 31 වන දින ක්‍රියා විරහිත වන අතර  මීට Microsoft Launcher තුල ඇති Cortana ද ඇතුලත් වන බව Microsoft හි වාර්තාවකින් අනාවරණය වේ.අවාසනාවකට මෙන්, මෙම වෙනස බලපාන වෙළඳපල ලැයිස්තුවක් මයික්‍රොසොෆ්ට් විසින් නිකුත් කොට නැත. කැනඩාවේ සහ එක්සත් රාජධානියේ මෙම වෙනස සිදුවන  බව සඳහන් කල හැකිය.
කොහොම වුණත් Windows මතදී Cortana සේවාව තවදුරටත් භාවිතා කිරීමේ හැකියාව ලැබෙන අතර ඉදිරියේදී Microsoft 365 productivity apps සඳහා Cortana සේවාව අන්තර්ගත කිරීමට ඔවුන් කටයුතු කරනු ලබන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.2020 වසන්තයේ දී නිකුත් කිරීමට අපේක්ෂා කරන windows 10  20H1 නිකුතුව සමඟ වින්ඩෝස් 10 සඳහා නවතම Cortana අත්දැකීමක් ලබාදීමට මයික්‍රොසොෆ්ට් සමාගම මේ වන විට සැලසුම් කරමින් සිටියි.


Comments