Featured Post

How to create Bootable USB Using Ventoy

MIUI 11 සමග තවත් අලුත් අංගයක්

MIUI 11 සමග තවත් අලුත් අංගයක්
MIUI 11 ADDS A SCREEN-OFF SIGNATURE DISPLAY FUNCTION

Xiaomi MIUI 11 හි ස්ථාවර අනුවාදය ඔක්තෝබර් මැද භාගයේදී නිකුත් කිරීම ආරම්භ විය. Xiaomi තවත් උපාංග සඳහා මෙම යාවත්කාලීනය සූදානම් කරමින් සිටින අතර, එයට  නව MIUI 11 විශේෂාංග කිහිපයක්ද එක් කරයි. මුලදී completely redesigned interface, new font, සහ  Always-On Display සහ තවත් බොහෝ දේ ඇතුළත් නව අංග ගණනාවක් හඳුන්වා දුන්නේය. මේ වන විට, Xiaomi දුරකථන 27 කට Android  10 මත පදනම්ව  MIUI 11 හි ස්ථාවර හෝ බීටා අනුවාදය ලැබෙමින් පවතී.
මෑතකදී, Xiaomi වර්ණ කළමනාකරණ අංගයක් මෙන්ම MIUI 11 සඳහා නව sound equalizer  අත්හදා බලන බවට වාර්තා විය. MIUI 11 දැන් screen-off signature display අංගයක්  ඇති බවට ඉඟි පළකර තිබේ.
Xiaomi හි නිෂ්පාදන අධ්‍යක්ෂ සහ MIUI හි ප්‍රධානී Jin Fan  පවසන පරිදි මෙම අංගය දැනට සංවර්ධනය වෙමින් පවතින බවත් . එය ගැටළු නොමැති නම්, එය ඊළඟ ස්ථාවර යාවත්කාලීනයේදී ලබා දීමට හැකිවනු ඇතිබවත් ප්‍රකාශ කර ඇත.
signature function ක්‍රියාකාරිත්වය AOD වර්ණයෙහි දිගුවක් වන අතර එය OLED තිරයේ ස්වයං දීප්තිමත් ලක්ෂණ (self-luminous characteristics) මත පදනම් වේ.මෙම අංගය පිළිබඳ එක් ප්‍රධාන කරුණක් වන්නේ විදුලි පරිභෝජනයයි. කෙසේ වෙතත්, Xiaomi පවසන්නේ screen-off signature  සක්‍රීයව තිබියදී බැටරි බලය සංරක්ෂණය කරන බවයි.
මීට අමතරව, MIUI භාවිතා කරන්නන්ට screen-off signature එක customize කළ හැකි අතර අකුරු font colour, size, thickness ආදිය වෙනස් කළ හැකිය. නිසැකවම සමහර පරිශීලකයින්ට මෙම අංගය සමඟ එතරම් පහසු නොවනු ඇත. එවැනි පරිශීලකයින් සඳහා, එය සක්‍රිය  කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවේ.



Comments