Featured Post

How to create Bootable USB Using Ventoy

MIUI 11 නව වර්ණ කළමනාකරණ අංගයක් අත්හදා බලමින් සිටියි.

MIUI 11 නව වර්ණ කළමනාකරණ අංගයක් අත්හදා බලමින් සිටියි.
MIUI 11 IS TESTING A NEW COLOUR MANAGEMENT OPTION 


Xiaomi MIUI 11 හි ස්ථාවර අනුවාදය ඔක්තෝබර් මැද භාගයේදී නිකුත් කිරීම ආරම්භ විය. Xiaomi තවත් උපාංග සඳහා මෙම යාවත්කාලීනය සූදානම් කරමින් සිටින අතර, එයට  නව MIUI 11 විශේෂාංග කිහිපයක්ද එක් කරයි. මුලදී completely redesigned interface, new font, සහ Always-On Display සහ තවත් බොහෝ දේ ඇතුළත් නව අංග ගණනාවක් හඳුන්වා දුන්නේය. මේ වන විට, Xiaomi දුරකථන 27 කට Android  10 මත පදනම්ව MIUI 11 හි ස්ථාවර හෝ බීටා අනුවාදය ලැබෙමින් පවතී.


XDA Forum ට අනුව, Xiaomi “මෘදුකාංගයේ නව උසස් සංදර්ශක ක්‍රමාංකන අංගයක් (new advanced display calibration feature) පරීක්ෂා කරමින් සිටින අතර එමඟින් පරිශීලකයින්ට ඔවුන්ගේ උපාංගයේ තිරය පෙනෙන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩි පාලනයක් ලබා දෙනු ඇත.” නව වර්ණ කළමනාකරණ ශ්‍රිතය(new colour management function) වර්ණ මාදිලි තේරීම් හතරක් ලබාදෙයි. මේවාට වැඩි දියුණු කළ,original, P3, සහ sRGB ඇතුළත් වේ. වර්ණවල RGB අගය, පැහැය, සන්තෘප්තිය සහ අනෙකුත් පරාමිතීන් (RGB value, hue, saturation සහ other parameters)පරිශීලකයන්ට තනි තනිව පාලනය කළ හැකිය.
setting interface එකතුළ පරිශීලකයන්ට වර්ණ සැකසීමේ ප්‍රතිඵලය ඉහළින් ඇති preview picture එක හරහා නැරඹිය හැකිය.මෙය පරිශීලකයින්ට නිරීක්ෂණය කිරීමට හා සංසන්දනය කිරීමට පහසු කරයි. ඊට අමතරව, වෙනස්කම් ඉවතලීමට (discard changes) සහ default තත්වයට නැවත පත් කිරීමටද එය විකල්ප සපයයි. මෙම වර්ණ කළමනාකරණ අංගය නිල වශයෙන් දියත් කරන්නේ කවදාද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත්, එය දැනට MIUI 11 බීටා හි සැඟවුණු සැකසුම් පිටුවේ ඇත (currently available on the hidden settings page in the MIUI 11 beta). වර්ණ කළමනාකරණයට අමතරව, XDA මීට පෙර MIUI 11 හි සැලසුම් කළ sky-high video annotation,document ID scanning සහ HEIC / HEIF format සඳහා සහාය වැනි නව අංග සොයා ගන්නා ලදී.

MIUI 11 ලැබෙන Xiaomi හා Redmi දුරකථන ලැයිස්තුව සහ ලැබෙන මාස

MID OCTOBER Xiaomi: Xiaomi Mi 9, Xiaomi Mi 9 Transparent, Xiaomi Mi 9 SE, Xiaomi Mi MIX 3, Xiaomi Mi MIX 2S, Xiaomi Mi 8, Xiaomi Mi 8 Youth, Xiaomi Mi 8 Explorer’s Edition, Xiaomi Mi 8 SE, Xiaomi Mi MAX 3 , Xiaomi Mi 9T, Xiaomi Mi 9T Pro. Redmi: Redmi K20 Pro, Redmi K20 Pro Premium Edition, Redmi K20, Redmi Note 7, Redmi Note 7 Pro, Redmi 7. THE END OF OCTOBER Xiaomi: Xiaomi Mi 9 Pro 5G, Xiaomi Mi CC 9, Xiaomi Mi CC 9 Meitu Custom Version, Xiaomi Mi CC 9e, Xiaomi Mi MIX 2, Xiaomi Mi Note 3, Xiaomi Mi 6, Xiaomi Mi 6X. Redmi: Redmi 7A, Redmi 6 Pro, Redmi Note 5, Redmi 6A, Redmi 6, Redmi S2. NOVEMBER Xiaomi: Xiaomi Mi MIX, Xiaomi Mi 5s, Xiaomi Mi 5s plus, Xiaomi Mi 5X, Xiaomi Mi 5C, Xiaomi Mi Note 2, Xiaomi Mi Play, Xiaomi Mi Max 2. Redmi: Redmi Note 8, Redmi Note 8 Pro, Redmi 5 Plus, Redmi 5, Redmi 5A, Redmi 4X, Redmi Note 5A.





Comments