Featured Post

How to create Bootable USB Using Ventoy

Xiaomi MI 10 Pro සමාගමේ සම-නිර්මාතෘ Lin Bin විසින් තහවුරු කර ඇත

XIAOMI MI 10 PRO EXISTENCE OFFICIALLY CONFIRMED
Xiaomi MI 10 Pro  සමාගමේ සම-නිර්මාතෘ Lin Bin විසින් තහවුරු කර ඇත.

Xiaomi සමාගමෙහි හි ප්‍රමුඛතම Mi 9 පසුගිය පෙබරවාරියේදී එළිදැක්වූ අතර එතැන් සිට Mi 9 SE සහ තරමක් වැඩිදියුණු කරන ලද Mi 9 Pro ඇතුළු වෙනස්කම් කිහිපයක් අපට  දැක ගැනීමට  හැකි විය.දැන්, සමාගමේ සම-නිර්මාතෘ Lin Bin තහවුරු කළේ මීළඟ ප්‍රධානතම Mi දුරකථනය ද නිකුත් වීමට අසන්න බවයි.

නිෂ්පාදන දැවැන්තයා Xiaomi විසින් Mi 9 කාණ්ඩයේ අනුප්‍රාප්තිකයෙකු ලෙස Xiaomi Mi 10 මාලාව නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.Mi 9 Pro ගැන ලිපියක් යටතේ අදහස් දක්වමින් Lin Bin රසිකයෙකුට පිළිතුරු දෙමින් කියා සිටියේ එළඹෙන Mi 10 Pro ඇත්ත වශයෙන්ම Mi 9 Pro හි අනුප්‍රාප්තිකයා වනු ඇති බවයි. මීළඟ Mi flagship එක පිළිබඳ වෙනත් තොරතුරු තවමත් නොමැති අතර, අප දුටු පළමු නිල තහවුරු කිරීම ද මෙයයි.
පෙර වර්ෂවලදී Xiaomi හි නව දුරකථන නිකුත් කිරීම දෙස බලන විට, මෙම Xiaomi ඊළඟ පරම්පරාවේ ප්‍රධාන දුරකථනය ලබන වසරේ මුල් භාගයේදී පැමිණෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.
Xiaomi Mi 9 මාලාව නිල වෙබ් අඩවියෙන් නිල වශයෙන් ඉවත් කර ඇති බවට 2019/12/01 දින පළ වූ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.එය එහි අනුප්‍රාප්තිකයා නිකුත් කිරීමට ආසන්න බව ට තවත් ඇඟවීමකි.ඒ අතරම, M2001J1E සහ M2001J1C මාදිලි සහිත තවත් Mi 5G ජංගම දුරකථන දෙකක් 3C සහතිකය සමත් වී ඇති බව දැනගන්නට ලැබේ.  
Mi 10 Pro පිළිබඳව අපට දන ගැනීමට ඇති කටකතාවලින් කියවෙන්නේ, උපාංගයන් Snapdragon 865 SoC සමඟ 108MP ප්‍රාථමික කැමරාව සහ Android  10 සමඟ MIUI 11 නිකුත් කිරීමට සැලසුම් කරන බවයි. තවද 66W වේගවත් ආරෝපණයට(fast charging) සහාය වනු ඇති බවට වාර්තා වී ඇත.
Xiaomi Mi 10 Pro හි  නවතම තොරතුරු පිළිබඳව අප ඔබව නිරන්තරයෙන් දැනුවත් කරන්නෙමු.

Comments