Featured Post

How to create Bootable USB Using Ventoy

Samsung Galaxy A 2020 මාලාව ලබන සතියේ නිකුත් වේ.

Samsung’s new mid-range smartphone series set to launch next week
Samsung Galaxy A 2020 
දුරකථන මාලාව ලබන සතියේ නිකුත් වේ.

Samsung සමාගම විසින් Galaxy A 2019 series එක පෙබරවාරි මාසයේදී හඳුන්වා දෙන ලදී. මිට පෙරදී 2020 පෙබරවාරි මාසයේදී Galaxy A දුරකථන මාලාව සමාගම විසින් නවීකරණය කරනු ඇතැයි උපකල්පනය කරන ලදී. කෙසේ වෙතත් Samsung සමාගම විසින් නොසිතු ලෙස හදිසියේම Galaxy A 2020 දුරකථන මාලාව ලබන සතියේදී නිකුත් කරන බවක් පෙනේ.Samsung Vietnam විසින් Galaxy A 2020 මාලාව දෙසැම්බර් 12 වන දින එළිදැක්වීමේ වීඩියෝවක් එළිදක්වා තිබේ.මෙම වීඩියෝව මගින් නව A ශ්‍රේණියේ දුරකථන ගැන වැඩි යමක් හෙළි නොකෙරේ, නමුත් ඉහළ මැද  punch-hole එකක් සහිත display එකක්  ඇති දුරකතනයක්  දර්ශනය වේ.
පෙර නිකුත් වූ තොරතුරු වලට අනුව Galaxy A51 නව Galaxy A 2020 දුරකථන මාලාවේ පළමුවැන්න විය හැකිය.කටකතා වලට අනුව මෙම දුරකථනය 2019 යේ Galaxy A50 දුරකථනයෙහි අනුප්‍රාප්තිකයා වන අතර එය එවකට Samsung හි හොඳම mid-range දුරකථනය ලෙස හැඳින්වීමට හැකිය

Samsung විසින් mid-rang  Galaxy A51 දුරකථනය  දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේදී එළිදක්වන බව මීට පෙර 91Mobiles හි සුවිශේෂී වාර්තාවකින් හෙළි විය.Galaxy A51 දුරකථනය FCC ලැයිස්තුගත කර ඇති අතර එහි ඉදිරිපත් කිරීම් පසුගිය මාසයේ කාන්දු විය.නව Galaxy A 2020 මාලාව වීඩියෝ එකෙහි දැක්වෙන ආකාරයටම  Infinity-O display එකකින් සමන්විත වේවි.
Galaxy A51 හි අඟල් 6.5 ක OLED display එකක් ඇති බවට දැනගන්නට ලැබේ.දුරකථනයෙහි පිටුපස L  හැඩැති quad-camera  පද්ධතියක් ඇත.මෙම සැකසුම 48MP සංවේදකයක් සහ 5MP macro lens එකක්  ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.32MP selfie camera වක් මෙම දුරකතනයෙන් බලාපොරොත්තු වේ.වෙනත් කටකතා වලට අනුව 4GB RAM, Exynos 9611 SoC, 4,000mAh බැටරියක්  සහ 64 / 128GB storage ප්‍රභේද බලාපොරොත්තු විය හැකිය.
Galaxy A 2020 කාණ්ඩයේ දුරකථන අටක් පමණ නිකුත් කිරීමට Samsung සමාගම සැලසුම් කර ඇත.මේවාට ඇතුළත් වන්නේ: කැමරා හතරක් සහිත Galaxy A 71, Snapdragon 855 සමඟ Galaxy A 91, Galaxy A 21, Galaxy A 31, Galaxy A 61 සහ Galaxy A 81 දුරකථන ය.
Samsung සමාගමෙහි නව mid-ranger  දුරකථන වෙතින් ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද? ඔබගේ අදහස් අපත් සමග බෙදාගන්න පහතින් එකතු වන්න අපත් සමග.



Comments