Featured Post

How to create Bootable USB Using Ventoy

MediaTek Dimensity 2000 will be 20% more power efficient than Snapdragon 898

MediaTek Dimensity 2000, Snapdragon 898 ට වඩා 20% ක බලශක්ති කාර්යක්ෂමතාවයක් ලබා දෙනු ඇත 



ඉදිරියේදී නිකුත් වීමට නියමිත MediaTek Dimensity 2000 series එකේ  SoC පිළිබඳව නවතම වාර්ථාවක් මගින් ඉතා රසවත් තොරතුරු හෙළිදරව් කර ඇත.හෙළි වී ඇති තොරතුරු අනුව චිප් එක බලශක්ති කාර්යක්ෂමතාවයේ (power efficiency)ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන අතර එය මීළඟ පරම්පරාවේ Qualcomm Snapdragon 898 processor පවා අභිබවා යනු ඇතැයි විශ්වාස කෙරේ .
MyDrivers හි වාර්තාවකට අනුව, තායිවානයේ චිප් නිෂ්පාදකයා (MediaTek) මේ වසර අවසානයේදී හෝ ලබන වසර මුලදී නව Dimensity 2000  SoC එක නිකුත් කිරීමට සූදානම් ව සිටි .වාර්තාවේ තව දුරටත් දැක්වෙන පරිදි Dimensity 2000 series 5G chip එක Snapdragon 898 SoC එකට වඩා වඩා අඩු බලයක් පරිභෝජනය බවත් එය වඩාත් කාර්‍යක්‍ෂම වන බව ද පෙන්වා දෙයි.MediaTek processor 20% සිට 25% දක්වා ඉදිරියෙන් සිටින බව මෙම වාර්තාව තව දුරටත් සඳහන් කරයි.


තවද, බලශක්ති කාර්යක්ෂමතාව හැරුණු විට, චිපයේ සමස්ත ක්‍රියාකාරිත්වය ද වැඩි දියුණු කර ඇත.ලබන වසරේ දියත් කිරීමට නියමිත flagship smartphones සඳහා මෙම Dimensity 2000 chips කදිම තේරීමක් වනු ඇත.මෑත වාර්තා වලට අනුව,නිකුත් කිරීමට නියමිත chipset ,Cortex X2 සහ  Cortex A79 cores සමග මෙන්ම GPU එක G79 architecture මත පදනම්ව ඇත. 
තවත් සැලකිය යුතු කරුණක් වනුයේ මෙම processor නිර්මාණය වන්නේ TSMC හි 4nm process එක මතය.එමඟින් එය වඩා හොඳ කාර්‍යක්‍ෂමතාවක් සහ කාර්‍ය සාධන හැකියාවක් ලබා දේ.ඊට අමතරව, තාක්‍ෂණයේ දියුණුවත් සමඟ advanced AI, multimedia IP වැනි සුවිශේෂී 5G මානයන් විවෘත වනු ඇති.
මෙය තවමත් තහවුරු නොකළ වාර්තාවක් බව මතක තබා ගන්න,එබැවින් මෙය  දැනට මතකයේ තබාගෙන  තවත් යාවත්කාලීන කිරීම් ලැබෙන තුරු  රැඳී සිටින්න.

source : Gizmochina

පෙර ලිපියට : Click Here


 

Comments