Featured Post

How to create Bootable USB Using Ventoy

Samsung outsourcing some production to China to compete with Chinese brands | Samsung සමාගම ODM ස්මාර්ට්ෆෝන් වැඩි වශයෙන් නිපදවීමට සැලසුම් කරයි.

Samsung has a new plan
Samsung සමාගම ODM ස්මාර්ට්ෆෝන් වැඩි වශයෙන් නිපදවීමට සැලසුම් කරයි.

--------------------------------------------------------------------------------
Samsung සමාගම  දැන් චීනයේදී තරමක්  පසුබෑමකට ලක්වී ඇත.ඔවුන් ලෝකයේ දෙවන විශාලතම ස්මාර්ට්ෆෝන් වෙළඳපොල වන ඉන්දියාවේ පසුබෑමකට මුහුණ දී සිටී.චීනයේ Samsung ස්මාර්ට්ෆෝන් වෙළඳපොල පසුබෑමකට ලක්වීමට ප්‍රධාන ම හේතුව වන්නේ චීන ස්මාර්ට්ෆෝන් සමාගම් වන Xiaomi සහ Huawei එය පහසුවෙන්ම ග්‍රහණය කර ගැනීමයි.
දැන් දැන් samsung සමාගම මෙම පසුබෑම මග හරවා ඔවුන්ගේ අහිමි වූ මහිමය නැවත ලබා ගැනීමට නව සැලැස්මක් අනුව වැඩ කිරීමට සැලසුම් කර ඇත.නවතම රොයිටර් වාර්තාවක් කියා සිටින්නේ samsung සිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන වලින් විශාල ප්‍රමාණයක් චීන මුල් උපාංග නිෂ්පාදකයෙකුට (ODM / original design manufacturer) ලබා දීමට සැලසුම් කර ඇති බවයි.
පිරිවැය අඩු කිරීම සහ මිල අඩු කිරීම සඳහා samsung සමාගම සිය ස්මාර්ට්ෆෝන් නිෂ්පාදනයේ පහෙන් එකක් බාහිරින් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.එය Wingtech සමාගමට පැවරීමට samsung ක්‍රියා කරනු ඇත.මෙයින් අදහස් කරන්නේ  එවිට samsung සමාගම තවදුරටත් එම දුරකථන ඔවුන්  නිපදවන්නේ නැති බවත්,Wingtech විසින් නිෂ්පාදන මෙන්ම සැලසුම් ආදී සියල්ල  භාර ගන්නා බවත්ය.Wingtech විසින් Xiaomi සහ Huawei වැනි සමාගම් සඳහා උපකරණ නිෂ්පාදනය කරන අතර samsung සමාගම ද මෙම පියවර සමඟ ඉදිරියට යාමට සැලසුම් කරයි. 
ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ samsung විසින් මිලියන 300 ක ස්මාර්ට්ෆෝන් ලබන වසරේ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවත් එයින් මිලියන 60 ODM ස්මාර්ට්ෆෝන් බවත්ය.එය සමාගමේ මුළු ස්මාර්ට්ෆෝන් නිෂ්පාදනයෙන් 20% ක් පමණ වේ.
“මෙය හොඳ උපාය මාර්ගයකට වඩා නොවැළැක්විය හැකි උපාය මාර්ගයක්” යැයි සැම්සුන් හි චීන මෙහෙයුම් පිළිබඳ දැනුමක් ඇති අයෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත.
Wingtech සමාගමට සැම්සුන් උපාංග සඳහා පිරිවැය 30% කින් පමණ අඩු කර ගත හැකිය.මෙමඟින් ඇතිවන ප්‍රතිලාභය නම්  samsung සමාගමට පාරිභෝගිකයින්ට ලාභදායී මිලකට උපාංග ලබා දීමට හැකි  වීමයි.
නව බාහිර උපායමාර්ගය ඉලක්ක කර ඇත්තේ  mid-range සහ budget Galaxy A-series smartphone ය. Wingtech සමාගම විසින් සාදන මෙම දුරකථන මූලික වශයෙන් අග්නිදිග ආසියාවේ සහ දකුණු ඇමරිකාවේ විකිණීමට අපේක්ෂා කෙරේ.තවද Huawei  සමාගමට එක්සත් ජනපදයෙන් දමා ඇති වෙළඳ තහනමද samsung සමාගම තම වාසියට හරවා ගැනීමට උත්සාහ කරයි.එනම් අඩු මිල smartphone,Google services සමඟ ලබාදීමයි.

Should consumers worry? / පාරිභෝගිකයින් කරදර විය යුතුද?

“Huawei සහ අනෙකුත් චීන ජංගම දුරකථන නිෂ්පාදකයින් සමඟ තරඟකාරිත්වය පවත්වා ගැනීම සඳහා වියදම් කපා හැරීම ඉතා වැදගත්” යැයි සැම්සුන් හි අභ්‍යන්තර පුද්ගලයෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත.කෙසේ වෙතත්, පිරිවැය අඩු කිරීම යනු උපාංගවල ගුණාත්මකභාවය ද අඩු කිරීමකි.
කෙසේ වෙතත් samsung සමාගම රොයිටර් පුවත් සේවයට පැවසුවේ ගුණාත්මකභාවය සහ සැලසුම් පිළිබඳව දැඩි අධීක්ෂණයක් පවත්වන බවයි. කෙසේ වෙතත්, චීන ODMs ගැන හුරුපුරුදු පුද්ගලයෙක් පවසා ඇත්තේ මෙම සමාගම් නිෂ්පාදන ක්‍රියාවලියෙන් පියවර අඩු කර දුරකථනවල ගුණාත්මකභාවය පහත හෙලීමට ඉඩ ඇති බවයි.
Xiaomi සිට Apple දක්වා සියලු දෙනා තෙවන පාර්ශවීය නිෂ්පාදකයින් මත විශ්වාසය තබන බැවින් samsung සමාගමද එම පියවර අනුගමනය කිරීම පුදුමයක් නොවේ.samsung දැනට සිය ස්මාර්ට්ෆෝන් බොහොමයක් වියට්නාමයේ සහ ඉන්දියාවේ නිෂ්පාදනය කරයි. චීනයේ Galaxy A6S වැනි එහි සමහර දුරකථන ODM  විසින් නිපදවා ඇත.ODM උපායමාර්ගය පුළුල් කිරීම වාසි දායක නම් samsung සමගමට තවතවත් අලුත් උපාංග වෙළඳපලට හඳුන්වාදීමට හැකි වනු ඇත.

Samsung සමාගමේ ODM දුරකථන









Comments